භූ විෂමතාවය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිවයිනේ බටහිර ‍මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 24 න් ආරම්භවී කිලෝමීටර් 8.8 ක් පමණ රට මැදට විහිදේ.

සමස්තයක් වශයෙන් කොට්ඨාසය පුරාම හුදකලා කඳු පිහිටා ඇති අතර නැගෙනහිර මායිමේ කඳුමය ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ඇත. කොට්ඨාසයේ උසම ස්ථානය ‍කොට්ටියාවත්ත ග්‍රාම නිලධාරී වසමේ පිහි‍ටි අඩි 1165 උස මඩකඩ ගිරංචි කන්දයි. මීට අමතරව ඇදුරගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇදුරගල කන්ද අඩි 700 ට වඩා වැඩි උසකින් යුක්තවේ. තවද නැගෙනහිර අර්ධයේ තැනින් තැන අඩි 500 ට වඩා උස්වූ හුදකලා කඳු පිහිටා ඇති අතර බටහිර අර්ධයේ ද එවැනිම උස් හුදකලා කඳු දැකිය හැකි මුත් මුළු බිම් ප්‍රමාණයෙන් 60% ක් තැනිතලා ප්‍රදේශ වේ.

කොට්ඨාසයේ දකුණු මායිම ඔස්සේ කළු ගඟ ගලා බසින අතර කලාපයේ විවිධ ප්‍රදේශයන් ගෙන් ගලා බසින ඇල මාර්ග ජාලයන් මෙම ගඟට එක්වේ. නැගෙනහිර අර්ධයෙන් නම්බපාන ඉංගිරිය ඇල මාර්ගයද කොට්ඨාසයේ විශාලම ඇල මාර්ගය වන මාවක්ඔය උතුරින් පටන් ගෙන බටහිර දිශාගතව ගලාවිත් දකුණු මායිම් ගතව කළු ගඟට එක් වේ.

බෑවුම් කලාප

මෙම ප්‍රදේශයේ භූමිය 66%ක් ඉතා අඩු බෑවුම් සහිත ප්‍රදේශ වන අතර එකී ප්‍රදේශ කලාපයේ බටහිර ගතවවිහිදී යයි. මද බෑවුම් සහිත කලාප ප්‍රදේශයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ගතවපිහිටා ඇති අතර කඳු හා මද බෑවුම් සහිත කලාප විශේෂයෙන් ඊසාන හා නැගෙනහිරකොටස් වල ව්‍යාප්ත වී ඇත.

දළ බෑවුම් සහිත කඳුකර ලක්ෂණද බෑවුම් සහිතරැලි බිම් ද හුදකලා කඳු හා තැනිතලා බිම් ද පිහිටා තිබීමෙන් මෙම ප්‍රදේශයේභූ විෂමතාවය විවිධත්වයක් ගනී. වලල්ලාවිට, බුලත්සිංහල වැනි ප්‍රදේශ වල මෙන්කඳු බෑවුම් සහිත කඳුකර ලක්ෂණද පානදුර, කළුතර මෙන් මුළුමනින්ම තැනිතලා ලක්ෂණද මෙම ප්‍රදේශය දක්නට නොමැත.

දළ බෑවුම් සහිත කලාප ලෙස අරකාවිල, කුරණ, කදනපිටිය, ඌරුගල, නම්බපාන ග්‍රාම නිලධාරී වසම් ද මද බෑවුම් සහිත කලාප ලෙස ඉංගිරිය අවට හා හදපාන්ගොඩ ග්‍රාම නිලධාරී වසම් ද නම් කළ හැකිය. ප්‍රදේශයේඋතුරු හා බටහිර මායිම් ඉතාමත් මද බෑවුම් සහිත විශේෂයෙන් තැනිතලා බිම්ප්‍රදේශ වශයෙන් හැදින්විය හැකිය.

එක් එක් කලාපයට අයත් බිම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස

බෑවුම් කලාප බිම් ප්‍රමාණය (හෙක්ටයාර්) ප්‍රතිශතය%
0.8% 6076 66.07%
8.16% 1560 16.95%
16.30% 1095 11.90%
30.60% 363 3.94%
60% ට වැඩි 110 1.20%
එකතුව 9204 100.0%
TOP