• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat06242017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Public Imagira Medical Clinic

Imagira Medical Clinic

ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මහා විහාරස්ථානයේ (කැන්දලන්ද පන්සල) ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දායක සභාවේ සහායද ඇතිව වෛද්‍ය සායනයක් පසුගියදා පැවැත්විණි.

 

රෝග පරීක්ෂාවෙන් පසු අධික රුධිර පීඩනය,කොලෙස්ට්‍රෝල් වැනි දීර්ඝ කාලීන රෝගවලට මසකට සෑහෙන සියලුම ඹෟෂධ නොමිලයේ ලබාදීම සිදුකළ අතර මේ සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලබාදිය හැකි ඉතා සුළු මුදලක් පමණක් රෝගීන්ගෙන් අයකර ගනු ලැබේ. එක් රෝගියෙකු වෙනුවෙන් රුපියල් 2000කටත් වඩා අධික වටිනාකමැති ‍ඖෂධ ප්‍රමාණයක් ලබාදීම මෙමගින් සිදු කරනු ලැබිණි.

මෙම බටහිර වෛද්‍ය සායනය ගැන විපුලසාර හිමියෝ මෙසේ පැවසූහ."දැනට වසර කිහිපයක‍ට කලින් පටන්ගත් මෙම වෛද්‍ය සායනයට දැන් රෝගීන් 50ක් විතර එනවා. ඒ අය‍කට අවශ්‍ය ඖෂධ මාසයකටම සෑහෙන්න අපි මෙතනින් ලබාදෙනවා. ඖෂධවලට මාසෙකට රුපියල් ලක්ෂයක‍ට ආසන්න මුදලක් වැය වෙනවා. ඒ මුදල් සොයාගැනීම ලොකු ගැටළුවක් වෙලා. එන්න එන්නම ඖෂධවල මිල ගණන් ඉහල යනවා. මාස්පතා පැමිණෙන රෝගීන්ගේ ගණනත් වැඩි වෙමින් පවතිනවා.

හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතාගේ උපදෙස් පරිදි එහි වෛද්‍ය නිලධාරී ආර්.පී. රණතුංග මහතා විසින් රෝගීන් පරීක්ෂා කර ඖෂධ නියම කිරීම සිදුකරනු ලබයි.

 

2011.09.30