• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Mon06262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Openings Soisawatta Electricity Project

Soisawatta Electricity Project

ජනපති ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඉකුත් 19 වැනිදා ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබියදී විදුලි බල මණ්ඩලය විදුලිය සපයා නොතිබීම නිසා විවෘත කිරීමට නොහැකි වූ ‍ඉංගිරිය සොයිසාවත්ත නව ගම්මානයේ විදුලි යෝජනා ක්‍රම ඉකුත් 21 වැනිදා හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා විසින් විවෘත කරන ලදී.

19 වැනිදා රාත්‍රියේ මෙය විවෘත කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැමිණි අතර, විදුලිය ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් විවිධ ප්‍රසංග, සංගීත සංදර්ශන ආදියද ප්‍රදේශවාසීන් එදින සූදානම් කර තිබූ අතර, පසුව විදුලි උත්පාදක යන්ත්‍ර යොදවා එම කටයුතු කරගෙන යාමට මන්ත්‍රීවරයා විසින් පහසුකම් සලසා දෙනු ලදී.

මෙම පුවත මාධ්‍ය මගින් රටට හෙළි කර පැය කිහිපයක් තුලදී, අඳුරේ සිටි පවුල් 67කට විදුලිය ලැබීම පිළිබඳව සොයිසාවත්ත නව ගම්මානයේ වැසියෝ මාධ්‍ය වෙත සිය ප්‍රසාදය පළ කළහ.

2011.11.21