• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed04262017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Normal Police Health Seminar

Police Health Seminar

පොලිස් නිලධාරීන්ට ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ එක්දින ප්‍රථමාධාර වැඩමුළුවක් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ශිරානි දමයන්ති, මහජන සම්බන්ධතා නිලධාරිනී නිලන්ති වනිගසේකර සහ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් වීරතුංග යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ඉංගිරිය මෙන්ම පානදුර පොලිස් ස්ථානයේද නිලධාරීහූ සහභාගී වූහ.

කොළඹ රතුකුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක ලලිත් ජයරත්න මහතා න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මගින් ප්‍රථමාධාර පිළිබඳ පුළුල් දැනුමක් සහභාගීවූවන් සඳහා ලබාදුන්නේය. ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපතිගේ සිට සියලුම අංශයන්හි සේවයේ නිරත නිලධාරීන් සියලු දෙනාම මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර, වැඩසටහන අවසානයේදී සහභාගීත්වය වෙනුවෙන් සියලු දෙනාට නිල ලංඡනයක් සහ සහතික පත්‍රයක් පිරිනැමීම සිදුකරන ලදී.

2011.11.24