• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat04292017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Special Handapangoda Bank Robbery

Handapangoda Bank Robbery

ඉංගිරිය කොළඹ ප්‍රධාන බස් මාර්ගය අද්දර කොටිගල, හඳපා‍න්ගොඩ ප්‍රදේශයේ පිහිටි හඳපාන්ගොඩ මහජන බැංකු ශාඛාව තුළට රිංගා ගත් හොර කණ්ඩායමක් ඒ තුල තිබූ විශාල ප්‍රමාණයේ යකඩ සේප්පුවක් සොරාගෙන යාමට ගත් දැඩි උත්සාහය අසාර්ථක වීමෙන් පසු එම සේප්පුව බැංකුවේ දොර අසල අතහැර දමා පැන ගොස් තිබේ.

අළුයම් කාලයේ මෙම සිද්ධිය සිදුවී ඇති බවට වාර්තා වන අතර බැංකුවේ ඉදිරිපස දොරේ යකඩ ඉබ්බන් බිඳ දොර විවෘත කර ගත් සොරුන් ඒතුළ තිබූ දැවැන්ත සේප්පුව බැංකුවේ දොර අසලටම රැගෙන ඇති නමුත්, කුමන හෝ හේතුවක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු අතහැර දැමීමට වීම නිසා එම සේප්පුව දොර අසළම තිබෙන්නට හැර කුඩා ප්‍රමාණයේ වෙනත් සේප්පුවක් රැගෙන පළාගොස් ඇත. බැංකුව ඉදිරිපස භූමියේ පොළොවේ යටට හෑරුණූ ටයර් සළකුණු සහ කැඩී ගිය විශාල ප්‍රමාණයේ නයිලෝන් කඹයක් දක්නට තිබූ අතර ඒ අනුව මෙම සේප්පුව කඹය ආධාරයෙන් පිටතට ඇදීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය සැක කරයි.

බැංකුවේ විදුලිය සහ දුරකථන සම්බන්ධතාවයත් එහි හදිසි අනතුරු සංඥා නලාවත් මෙම හොරුන් විසින් විසන්ධි කර දමා ඇති අතර බැංකුව තුළ ඇති බඩු බාහිරාදිය පවා අවුස්සා අවුල් කර දමා ඇත. බලාපොරොත්තු නොවූ ලෙස තමන්ගේ කුරුමානම වැරදී ගිය පසු, බැංකුව තුළ තිබූ කුඩා ප්‍රමාණයේ වෙනත් සේප්පුවක් රැගෙන ඔවුන් පැන ගොස් ඇති අතර එම සේප්පුවේද ඔවුන් බලාපොරොත්තු වූ ලෙස මුදල් හෝ රන්භාණ්ඩ කිසිවක් නොතිබූ බවත් එතුල තිබුණේ ලියකියවිලි අඩංගු කඩදාසි පමණක් බවත් බැංකු ආරංචි මාර්ග පවසයි.

පානදුර අපරාධ විමර්ශනාගාරයේ නිලධාරීන් සහ කොළඹ ඇඟිලි සටහන් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කළ අතර ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, කේ.ජී. විජේරත්න, පොලිස් පරීක්ෂක නන්දසේන, බස්නාහිර පළාත් බුද්ධී කොට්ඨාශයට අන්යුක්ත නිලන්ත යන නිලධාරීන් ඇතුලුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සංවිධානාත්මක අපරාධ කල්ලිය අල්ලා ගැනීමට පුළුල් මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇත.

2011.12.18