• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Public Pre Childhood Development Program

Pre Childhood Development Program

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවනු ලබන මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන සතිය වැඩසටහන යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන පිහිටුවීමේ වැඩසටහන පසුගියදා පැවැත්විණි.

මෙහිදී නිලවශයෙන් ආදර්ශ ගම්මාන 15ක් ප්‍රකාශයට පත්කළහ. ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉංගිරිය බටහිර මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මානය නිලවශයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා විසින් විවෘත කළහ.

මුල් ළමාවිය ආදර්ශ ගම්මාන පිහිටුවීමේ ව්‍යාපෘතිය යටතේ ‍තොරාගත් ගම්මානයේ පෙරපාසල් වැඩිදියුණු කිරීම හා අවශ්‍යය පහසුකම් ලබාදීම,‍ පෙරපාසැල් වියේ පසුවන දරුවන් සිටින පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා එම‍ දෙමාපියන්ට පෙරපාසැල් අධ්‍යාපන‍යේ ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් බව ලබාදීම, මුල් ළමාවියේ දරුවන් සිටින පවුල් වල මව්වරුන් විදේශගතවීම් වැලැක්වීම සඳහා ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා සඳහා ආධාර අනුබලදීම එම පවුල්වල වැඩිහිටියන් මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්පානය වැනි අපචාර වලින් වලක්වාගැනීමට කටයුතු කිරීම පෙරපාසැල් ගුරුවරියන් පුහුණු කිරීම හා ඔවුන්ට පහසුකම් සැලසීම ආදී කටයුතු සිදුකිරීම මෙම වැඩසටහනේ පරමාර්ථයයි.

ඉංගිරිය බටහිර මුල් ළමාවිය ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ඉංගිරිය පොලිස් ස්ථානයේ ළමා මිතුරු පොලිස් කාර්යාල ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම සහ එම ස්ථානයේ සෙල්ලම් මිදුල විවෘත කිරීමද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.

2011.12.20