• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Normal

Plants to the Highway

දක්ෂිණ අධිවේගී මාර්ගයට පවරා ගත් පාර දෙපස හිස් බිම් තීරුවල රෝපණය සඳහා හල්මිල්ල, ගිරිහඬු, ලුණුමිදෙල්ල, කුඹුක් සහ ඇලස්ටෝනියා වර්ගවල පැළ 4000ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ඉංගිරිය අඩවි වන කාර්යාල පරිශ්‍රයේ පිහිටි “හරිත වන අරණ” සූදානම් බව ඉංගිරිය අඩවි වන නිලධාරී පී. එස්. එල්. ජයසිංහ මහතා පැවසීය.

Read more...

Police Health Seminar

පොලිස් නිලධාරීන්ට ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ එක්දින ප්‍රථමාධාර වැඩමුළුවක් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

Read more...

Dombagaskanda Temple Shramadana

ඉංගිරිය දොඹගස්කන්ද පන්සල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඉංගිරිය පොලීසිය විසින් සංවිධානය කළහ. හොරණ ප්‍රාදේශීය සභාවේද සහාය ඇතිව මෙම ශ්‍රමදානය පවත්වනු ලැබුණි.

 

 

 

 

 

 

Read more...

Ingiriya Public Library Building

වසර ගණනක් තිස්සේ අලුත්වැඩියාවකට ලක් නොවී ගරා වැටෙමින් තිබූ ඉංගිරිය මහජන පුස්තකාලය වෙනුවට සියලු පහසුකම් වලින් සපිරි නව පුස්තකාල ගොඩනැගිල්ලක් දැන් ඉදිවෙමින් පවතී.

Read more...

New House Donation

හරිහැටි නිවසක් නොමැතිව ඉංගිරියවත්ත, ජන උදාන ගම්මනායේ දිවි ගෙවූ පවුලකට නව නිවසක් තනා පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

Read more...

Illegal Alcohol Brew Seized

?????????? ????????? ?????? ?????? ????????? ??? ?????????? ??????? ?????? ???????? ????? ??????? ???????? ?????????, ??? ???? ???? ????? ????? ?? ?????? ????? ????? ??? ?????????? ?????????? ??? ?????.

Read more...

Person with Ganja Caught

ප්‍රදේශවාසියකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් අනුව සිදු කරනු ලැබූ පරීක්ෂණයකදී මත් ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොළිස් නිළධාරීන් සමත් විය.

පසුගිය දිනෙක පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුන ඇමතුමකින් කියවුනේ ඉංගිරිය ප්‍රදේශයේ ගංජා තොගයක් සමග සැරිසැරු තරුණයෙකු පිළිබඳවයි. වහාම ක්‍රියාත්මක වූ ඉංගිරිය පොළිස් නිළධාරීන් සිදු කරනු ලැබු මෙහෙයුම සාර්ථක වූයේ ගංජා තොගය සමග සැකකරු අත් අඩංගුවට පත් වීමෙනි.අත් අඩංගුවට පත් වන අවස්ථාවේ සැකකරු සමග ගංජා ග්‍රෑම් 452 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේදී මෙම සැකකරුව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක්ද වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු 23 හැවිරිදි කඳනපිටියේ පදිංචි තරුණයෙකි. මෙම සිදූවීම සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී එච්.එම්.ධර්මසේන මහත්මා සහ හොරණ සහකාර පොළිස් අධිකාරී සමන් රත්නායක මහත්මාගේ උපදෙස් පරිදි ඉංගිරිය පොළිස් පරීක්ෂක උදය කුමාර මහතා මෙහෙයුම් අරඹා ඇත.

Read more...

Jak Log Seized

අඩි අ‍ටහමාරක විශ්කම්භයක් ඇති අඩි දාහතරහමාරක් දිග බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ කොස් කඳක් ඉංගිරිය පොලීසිය විසින් මෙනේරිගම කොස්හේන පාරේ කඳුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ. මෙම මෙහෙයුම 119 හදිසි ඇමතුම් ඒකකයට ලත් තොරතුරක් ඔස්සේ සිදුකෙරුණි.

Read more...

Kasippu Raid

ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයට අයත් අරකාවිල,දුල්ලැහැර,ගිරංචි කන්දේ වනගත පෙදෙසක කරන ලද මෙහෙයුමකදී ගෝඩා බැරල් 4ක් අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලීසියට හැකිවිය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කෙරුණි. වැටලීමේදී සැකකරුවන් පැනගොස් ඇති අතර ඔවුන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට පොලීසිය ලුහුබඳියි.

පානදුර පොලිස් අධිකාරී එච්.එම්.ධර්මසේන මහතාගේ උපදෙස් පරිසි හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකෙරුණි.

 

Read more...

Dombagaskanda House Donation

ඉංගිරිය හිඟුරුවැල්ල දොඹගස්කන්ද ප්‍රදේශයේ කටුමැටි පැලක දිවි ගෙවූ පවුලකට නව නිවසක් තනා පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. සමෘද්ධි අධිකාරියේ “දිරිය පියස නිවාස වැඩසටහන” යටතේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම නිවසේ කටයුතු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ මග පෙන්වීම මත සමෘද්ධි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ජයන්තා රුක්මණී මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

Read more...

Illegal Gem Mine Caught

ඉංගිරිය කළුගඟ ආශ්‍රීත ඉවුරු ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් ගරන ස්ථානයක් , පසුගිය දා නීතියේ රැහැනට හසුවිය.

ඉංගිරිය පොලීසිය සහ හොරණ විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව සිදු කරනු ලැබු මෙහෙයුමකදී මෙම අනවසර මැණික් ගරන ස්ථානය වටලනු ලැබීය.

මෙහිදී සැකකරුවන් පස් දෙනෙකු එම ස්ථානයේදීම අත් අඩංගුවට ගත් අතර වැටලීම සිදුවන අතරතුර අනෙකුත් සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇත.මෙම පලා ගිය සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා ඉංගිරිය පොලීසිය සහ හොරණ විශේෂ කාරය බළකාය ඒකාබද්ධව ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරන බවට අපට දැනගන්නට ලැබී ඇත‍. සැකකරුවන්ට අමතරව ජල මෝටර් කම්ප්‍රෙෂර් යන්ත්‍ර , ඔක්සිජන් ටැංකි , ගැරුම් වට්ටි ඇතුලුව අනවසර මැණික් ගැරීමට යොදා ගත් උපකරණ රාශියක් එම ස්ථානයේදී අත් අඩංගුවට ගනු ලැබීය.

Read more...

Unkown Deadbody Found

ඇල්ල කැටකැරැල්ල පාලම යට තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් 31 වනදා උදෑසන සොයා ගත් අතර මෙම සිරුර කා‍ගේදැයි යන්න සහ මෙම පුද්ගලයා මියගිය ආකාරය තවමත් නොවිසඳුණු අභිරහසක් බව පොලීසිය පවසයි.

Read more...

Gun Found in Raid

හඳපාන්ගොඩ, කුරා උඩ,කලුවල වනාන්තරයක කසිප්පු තිප්පොළක් වැටලීමට ගිය ඉංගිරිය පොලීසියේ නිලධාරීන්ගේ ගමන වැළැක්වීම සඳහා වන ලැහැබේ බැඳ තිබූ බේත් කොටන තුවක්කුවක් ඉදිරියෙන්ම ගමන්කළ නිලධාරියෙකුගේ ඇස ගැටීම නිසා සිදුවීමට ගිය අනතුරක් වැළකී ගිය අතර එම තුවක්කුවද, එයට යොදන වෙඩි බෙහෙත්ද සමග තුවක්කුව හිමිකරු බවට සැක කරන 60 හැවිරිදි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව කසිප්පු තිප්පොළ පිහිටි හේනට ගිය පොලිස් නිලධාරීන් හට එහි පැළක් අටවාගෙන ගෝඩා නිපදවීමේ යෙදී සිටි තවත් සැකකරුවෙකුද සමග ගෝඩා ඩ්රෑම්ස් 1920ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

Read more...

Sumanajothi Grade 5 Scholarship

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට ඉංගිරිය ශ්‍රී සුමනජෝති විද්‍යාලයේ දරු දැරියන් සමත්ව තිබේ. ඒ අනුව බවන්ත ජයකොඩි සිසුවා ලකුණු 183ක්ද, සචිනි හංසිකා සිසුවිය ලකුණු 182ක්ද, ලලිත්ත්‍යා ලක්මාලි සිසුවිය ලකුණු 181ක්ද සහිතව ඉහල ප්‍රතිඵලයක් ලබාගෙන ඇති අතර ලකුණු 170ට ඉහල ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන් ගණන 15කි. ලකුණු 155‍ට වැඩි ලබා සමත්ව ඇති මුළු ගණන 49ක් වන අතර ලකුණු 100ට වැඩි ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන් ගණන 196කි.විදුහල්පති ජනත් අබේරත්න මහතා ඇතුළු 5 වසර පන්ති භාර ගුරු මහත්ම මහත්මීන් ලකුණු 155‍ට වඩා වැඩි ලකුණු ලැබූ සිසු සිසුවියන් සමග.

Read more...

Police Jangama Sewaya

ඉංගිරිය පොලීසිය සංවිධානය කරන ලද මහජන පැමිණිලි විභාග කරීමේ ජංගම වැඩසටහනක් ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර,පොලිස් පරීක්ෂක නලින් සංජීව, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ශිරානි දමයන්ති යන නිලධාරීන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Read more...

Childrens Day Celebration

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඊට අනුබද්ධ පෙර පාසල් ගුරු සංගමයද එක්වී ප්‍රාදේශීය ලෝක ළමාදින සැමරුම් උත්සවයක් “කුඩා දරුවන්ගේ හෙට දින කාර්ය භාරය සඳහා අද දින දෙමාපියන් දැනුවත් කිරීම” යන තේමාව යටතේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read more...

Hospital Shramadana

ඉංගිරිය දිසා රෝහල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඉංගිරිය පොලීසිය විසින් සිදුකෙරිණි. මෙම ශ්‍රමදානය සඳහා ඉංගිරිය සෞඛ්‍ය කාර්යාලයේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ සහය ලැබුණි.

 

 

 

 

 

Read more...

Free Agro Equipments

කළුතර ‍ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කරල ලද ඉංගිරිය ප්‍රාදේශයේ වගා කටයුතුවල නිරත පුද්ගලයන්ට නොමිලයේ කෘෂි උපකරණ කට්ටල ප්‍රධානය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් යුතුව ඉංගිරිය ගොවිජන සේවා සංවර්ධන මධ්‍යස්ථානයේදී පසුගියදා සිදු කෙරිණි.

Read more...

Seminar By Police

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලීස් පරීක්ෂක අයි.එම්.ඒ. උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි ඉංගිරිය පොලිස් ස්ථානය පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ඉංගිරිය නගර මධ්‍යයේදී පැවැත්විය.

මෙහිදී පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් පිළිපැදිය යුතු මාර්ග නීති, මගීන් කෙරෙහි දැක්විය යුතු සැලකිලිමත්භාවය, විනයාත්මක කරුණු මහ කප්පම් ප්‍රශ්නය පිළිබදව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඹවුන් දැනුවත් කරනු ලැබූ අතර ඔවුනට ඇති පොදු ගැටළුකාරී තත්ත්වය පිළිබද විමසා ඒවාට අවශ්‍ය පිළිතුරු ලබාදීම සිදු කෙරුණි.

Read more...

Tribute to the Grama Niladari

රැකියා කරන අය ඕනෑ තරම් දැකිය හැකි වුණත් එම රැකියාවෙන් විශ්‍රාම යන විට ජනතා උපහාරයට ලක්වන අය දැකගත හැක්කේ කලාතුරකිනි. තම රැකියාව හරි හැටි ඉටුකරන අයට උපහාර පිදීමට ජනතාව කිසි විටෙක මැලි වන්නේ නැතැයි ඉංගිරිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හඳපාන්ගොඩ ගණේ විහාරාධිපති කොටිගල ධම්මරතන හිමියෝ පැවසූහ.

Read more...

Ingiriya Police Inspection

ඉංගිරිය පොලිස් ස්ථානය සහ එහි නිලධාරීන් සදහා පරීක්ෂණයක් පසුගියදා පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී H.M.ධර්මසේන මහතාගේ සහභාගීත්වයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේදී පැවැත්විණි. මෙහිදී තම වෘත්තිය, ගෞරවයද ආරක්ෂාවන පරිදි මහජනතාව වෙනුවෙන් වඩාත් පලදායී සේවයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මසේන මහතා ඔවුන්ව දැනුවත් කළ අතර තමන්ට අවශ්‍යය සේවා පොලීසියෙන් ලබා ගන්නා ආකාරය පිළිබඳව පොලිස් ස්ථානය සහ මහජනතාව අතර පැවතිය යුතු සම්බන්ධතාවේ පැවැත්ම සහ එහි ස්වභාවය පිළිබඳව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයකදී සිවිල් ප්‍රජාව දැනුවත් කරනු ලැබීය.

පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන් දෙකෙහි ප්‍රධාන අරමුණ වූයේ පොලීසිය සහ මහජනතාව අතර සුබදායී සම්බන්ධතාවයක් ඇති කරලීමයි. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් W.P.C.M.උපසේන මහත්මිය පැවසුවේ ත්‍රස්තවාදයෙන් අපේ මව්බිම ආරක්ෂා කර ගැනීමට එදා පොලීසියත් සමග සිවිල් ජනතාව අත්වැල් බැඳගත් ආකාරයටම අද සාරධර්ම පිරිහීගිය මිනිසුන් නොමිනිසුන් ලෙස ක්‍රියා කරන මේ යුගයේ පවතින මෙම සමාජීය ත්‍රස්තවාදය පැරදවීමටද සිවිල් ජනතාව පොලීසියට තම සහයෝගය ලබාදිය යුතු බවයි.

ඉංගිරිය පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් සියල්ල නියෝජනය වන පරිදි සිවිල් කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර, ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ශිරානි දමයන්ති, මහජන සම්බන්ධතා නිලධාරිනී S. වනිගසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Read more...