• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat04292017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Provincial Provincial News Special

05th Anniversary of Ingiriya M.O.H

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල‍යේ පස් වන සංවත්සරය සැමරීම සඳහා පැවැත්වුණු උත්සවය මහත් උත්කර්ෂවත් අයුරින් එම කාර්යාලයේදී පැවැත්විණි.

සෞඛ්‍ය ‍වෛද්‍ය කාර්යාලය ස්ථාපනය කර පස් වසරක් පිරීම සහ එහි විශ්‍රාම ගිය මෙන්ම විශේෂ ඇගයීම් වලට ලක්වූවන්ට ත්‍යාග ප්‍රදානයද නිමිති කරගෙන මෙම උත්සවය පැවැත්විණි.

Read more...

Handapangoda Bank Robbery

ඉංගිරිය කොළඹ ප්‍රධාන බස් මාර්ගය අද්දර කොටිගල, හඳපා‍න්ගොඩ ප්‍රදේශයේ පිහිටි හඳපාන්ගොඩ මහජන බැංකු ශාඛාව තුළට රිංගා ගත් හොර කණ්ඩායමක් ඒ තුල තිබූ විශාල ප්‍රමාණයේ යකඩ සේප්පුවක් සොරාගෙන යාමට ගත් දැඩි උත්සාහය අසාර්ථක වීමෙන් පසු එම සේප්පුව බැංකුවේ දොර අසල අතහැර දමා පැන ගොස් තිබේ.

Read more...

145th Police Anniversary

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 145ක් සපිරීම නිමිත්තෙන් සර්ව ආගමික් නායකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඉංගිරිය පොලීසියේ සමරු උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ මුදුන්කොටුවේ ශාන්තසිරි හිමිද, ඉංගිරිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමා වන බ්‍රහ්ම ශ්‍රී සුන්දර රාජන් කුරුක්කල්තුමාද, ඉංගිරිය ක්‍රිස්තු දේවස්ථානයේ දේවගැතිතුමාද, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.පී.සී.එම්.උපසේන මහත්මියද සහභාගී වූහ.

Read more...

Sumanajothi Drama Victory

2011 ජාතික ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි අංශයේ දෙවන ස්ථානය ලබාගැනීමට ඉංගිරිය ශ්‍රී සුමනජෝති විදුහලේ ළමා නාට්‍ය කණ්ඩායම සමත්වූහ.මෙම ජයග්‍රහණයට අමතරව ජාතික ළමා නාට්‍ය උළෙලේ ඉංග්‍රීසි අංශයේ වස‍රේ හොඳම නාට්‍ය පිටපත් රචනය, හොඳම වේදිකා කළමනාකරණය, හොඳම සහායක ළමා නළුවා, හොඳම වේදිකා ආලෝකකරණය සහ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මාන දිනා ගැනීමටද මෙම නාට්‍ය කණ්ඩායමේ දරු දැරියෝ සමත්වූහ.

Read more...

Donations to School Children

හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා විසින් තමන්ට ලැබෙන වැටුප යොදවා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන් 35 දෙනෙක් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කළහ.

ඒ නිමිත්තෙන් සංවිධානය කරන ලද උත්සවයක් යහපාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අශෝක රණතුංග මහතාගේ නිවසේදී පැවැත්වුණි. මෙම අවස්ථාවට කළුතර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, ඉංගිරිය සුදම්පාය විහාරස්ථානයේ විහාරාධිපති බෝකුන්දර කුසලධම්ම හිමියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. ශිෂ්‍යත්ව ප්‍රධානයට අමතරව මෙම අවස්ථාවට පැමිණ සිටි සියලුම දරුවන් වෙනුවෙන් පොත් පාර්සල් සහ ත්‍යාග පිරිනැමීමක්ද මෙහිදී සිදු කෙරිණි.

Read more...

Gamini Central College Anniversary

ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ සංවත්සරය නිමිති කර ‍‍‍ගෙන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් එම විදුහලේදී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට විද්‍යාලයේ සිසු සිසුවින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

Read more...

Asala Zone

ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ අනුශාසකත්වයෙන් ඉංගිරිය පෞද්ගලික බස්රථ සංගමයේ හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වයෙන් 02වැනි වරටත් සංවිධානය කරනු ලබන උතුම් කැලණි පූජා භූමි වන්දනාව සහ නෙළුම් කොලේ මහා බත් දන්සැල ඇසල පෝය නිමිති තරගෙන ඉංගිරිය නගරයේදී මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කැලණිය බලා පිටත් වූ බස් රථ පිරී ඉතිරී යන පරිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ඇසල පොහොය දිනයේදී කැලණිය වැඳපුදා ගැනීමට අවස්ථාව උදාවීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. නෙළුම් කොලවල බෙදූ බත් දන්සැලද මෙහිදී කැපී පෙණුනි.

Read more...

Horana Zone English Day

හොරණ අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි සාහිත්‍ය උත්සවය ඉංගිරිය ශ්‍රී සුමනජෝතී විදුහලේදී පැවැත්විණ. කලාපයේ පාසැල් අතර පැවැත්වුණු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තරග වල ත්‍යාග හා සහතිකපත් මෙහිදී පිරිනැමිණ.

 

 

 

Read more...

Ranawiru Celebration

රණවිරු ‍‍‍සේවා අධිකාරිය‍‍ට අයත් ඉංගිරිය රණවිරු ‍‍‍සේවා සංසදය මගින් සංවිධානය කරන ලද රණවිරු සැමරුම් උත්සවයක් ඉංගිරිය නගර මධ්‍ය‍‍‍යේදී පැවැත්විණ. ජීවිත පරිත්‍යාග කළ සියලුම රණවිරුවන් සිහිකර ඔවුන්ට උපහාර දැක්වීමත්, ප්‍ර‍‍දේශ‍යේ ‍‍‍‍වෙ‍‍සෙන රණවිරුවන් කිහිප ‍‍‍දෙ‍‍‍නෙකුට උපහාර පුද කිරීමත් ‍මෙහිදී සිදුවිය. ‍‍‍රණවිරු ‍‍‍කොඩි අ‍‍‍ලෙවි‍‍යෙන් රැස්වුණු මුදල් වලින් සුප් දන්සැලක්ද ‍‍‍‍‍මෙහිදී පැවැත්විණි.

Read more...

Police Motor Traffic Show

කොළඹ රථවාහන මූලස්ථානය , ඉංගිරිය පොලිස් රථවාහන අංශය , හොරණ මූලස්ථාන පොලිස් රථ වාහන අංශය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මාරග නීති සහ රිය අනතුරු පිළිබඳ විශේෂ වැඩමුලුවක් ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේදී පසුගියදා පවත්වනු ලැබීය. මේ සඳහා පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි විය.විශේෂ දේශන , මහා මාර්ගය නිසි අයුරින් භාවිතා කරන ආකාරය දැක්වෙන නාට්‍ය අංගයන් සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ආදී ලෙස මෙම වැඩමුළුව පැවැත්විය.මාර්ග නීති සහ ඒවා පිළිපැදීමේ වැදගත් කම , මහා මාර්ගය නිවැරදි ලෙස භාවිතා කරන ආකාරය , මාර්ග අනතුරක් වලක්වා ගන්නා ආකාරය පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමක් මෙහිදී සිදු විය.

කොළඹ රථවාහන මුලස්ථාන සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.ඒ.ධනංජය මහත්මා හොරණ මූලස්ථාන පොලිස් රථ වාහන අංශ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක පණ්ඩිතරත්න මහත්මා සහ ඉංගිරිය පොලිස් රථ වාහන අංශ ස්ථානාධිපති බී.එස්.විජේරත්න මහත්මා ප්‍රමුඛ පොළිස් නිළධාරීන් විශාල සංඛ්‍යාවකගේ දායකත්වය මේ සඳහා ලැබී තිබෙනු අපට දක්නට ලැබුනි. කොළඹ රථ වාහන අංශයේ , අධ්‍යාපන අංශයේ ස්ථානාධිපති සේනක ගමගේ මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.ඉතා සාර්ථක වැඩමුළුවක් ලෙස නිමාව දුටු මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය සපයන ලද්දේ කොළඹ 14 හි පිහිටි යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙහි මෝටර් රථ ප්‍රවාහන අංශය විසිනි.ප්‍රශ්න විචාරාත්මක තරඟයේ ජයග්‍රහක සිසුන්ට ලබා දුන් වටිනා තෑගි සඳහාද අනුග්‍රය දක්වන ලද්දේ මෙම සමාගම විසිනි.එහිදී එම සමාගම නියෝජනය කරමින් යුනිලීවර් ආයතන පරිපාලන කළමනාකාර උදිත කරුණාරත්න මහත්මා සහභාගී විය.

Read more...

Ingiriya New Year Festival

New Year

සිංහල හා හිංදු අළුත් අවුරුද්ද වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඉංගිරිය අවුරුදු උත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. විශාල අංග ගණනාවකින් සමන්විතවූ අවුරුදු උත්සවය නැරඹීම සදහා විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

මුළු දවස පුරාම පැවැත්වීම සදහා තරග සංවිධානය කර තිබුණද වර්ෂාව නිසා සවස් කාලයේදී එම තරග අවලංගු කිරීමට සිදුවිය. එහෙත් වැසිබර කාලගුණය නොතකා සවස් වනතුරුම බොහෝ පිරිසක් ගාමිණී මධ්‍ය මහා විද්‍යාල භූමියේ රැදී සිටියහ. පාපැදි සවාරිය, තිරික්කල් රේස්, ගම හරහා දිවිම වැනි තරග නැරඹීම සදහා ජනතාව මග දෙපස රැස්වී සිටිනු දක්නට ලැබුණි. රන්සිලු මිතුරු සමාජය විසින් මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබුණි. වැසි බර කාලගුණය මධ්‍යයේද උත්සවය අවසානයේ මල්වෙඩි සංදර්ශනයක් පවත්වනු ලැබීය.

Read more...

Gamini School Upahara

2010 වසරේ විශිෂ්ඨ දස්කම් පෑ සිසු සිසුවියන් ඇගයීමේ උළෙලක් ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේදී සිදු කෙරුණි. මෙම උළෙල පාසැලේ ආදී සිසු සිසුවියන්ගේද සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙහිදී ආදි ශිෂ්‍යයන් විසින් වත්මන් විදුහල්පතිවරයා වෙත විශේෂ උපහාරයක්ද පිරිනැමිණි.

 

 

 

Read more...

28th ITN,Lakhanda Dengue Program

28 වැනි ITN,Lakhanda ඩෙංගු මර්ධන වැඩසටහන හොරණ සහ ඉංගිරිය ප්‍රදේශවල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.

Read more...