• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Wed08232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Openings

Maguruwela Public Hall

පෝරුවදණ්ඩ මගුරුවෙල ප්‍රදේශයට වසර ගණනක් තිස්සේ අඩුපාඩුවක්ව පැවැති ප්‍රජා ශාලාව පසුගියදා ඉදිකර විවෘත කෙරිණි.

මෙම ප්‍රජා ශාලාව ඉදි කිරීම සඳහා පේමා කහ‍ටපිටිය මහත්මිය විසින් තම ඉඩම පරිත්‍යාග කර තිබුණි. මගුරුවෙල ප්‍රජා මණ්ඩලයේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී ප්‍රියන්ත රත්නසේකර මහතාගේ ඉල්ලීම පරිදි හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතාගේ ප්‍රතිපාදන යටතේ මෙම ශාලාව සාදා නිමකර තිබුණි.

Read more...

Soisawatta Electricity Project

ජනපති ජන්ම දිනය සහ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඉකුත් 19 වැනිදා ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබියදී විදුලි බල මණ්ඩලය විදුලිය සපයා නොතිබීම නිසා විවෘත කිරීමට නොහැකි වූ ‍ඉංගිරිය සොයිසාවත්ත නව ගම්මානයේ විදුලි යෝජනා ක්‍රම ඉකුත් 21 වැනිදා හොරණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අශෝක රණතුංග මහතා විසින් විවෘත කරන ලදී.

Read more...

Ingiriya Police Station Buddha Statue

ඉංගිරිය පොලිස් ස්ථානයේ ඉදිවෙමින් තිබූ බුදු කුටියේ වැඩ අවසන් වී එය විවෘත කිරීම පසුගියදා පැවැත්විය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ සංකල්පයක් අනුව පසුගිය කාලයේදී ඉංගිරිය පොලිස් ස්ථාන පරිශ්‍රය නවීකරණය කරන ලදී. එහි එක් පියවරක්වූ මෙම බුදු මැදුර ඉංගිරිය පොලිස් ස්ථානයට ඉතා අලංකාර පෙනුමක් ලබාදී ඇත. මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Read more...

NSB Ingiriya Opening

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉංගිරිය ශාඛාව පසුගියදා ඉංගිරිය නගරයේදී විවෘත විය.

Read more...

Horana Pradeshiya Sabha Reopens

Pradeshiya Sabha

ප්‍රාදේශීය සභා ජන්දයෙන් පසු හොරණ ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දිවුරුම්දී වැඩ භාරගැනීම පසුගියදා හොරණ ප්‍රාදේශීය සභා කාර්යයාලයේදී සිදුවිය.

Read more...

Ingiriya Pradeshiya Sabha Updated

හොරණ ප්‍රාදේශීය සභාවේ ඉංගිරිය උපකාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙනයාමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. ඉංගිරිය නව බස් නැවතුම්පොල ගොඩනැගිල්ලේ පහත මාලයේ තිබූ මෙම කාර්යාලය වැඩි දියුණුකර ඉහත මාලයට ගෙනගොස් තිබුණි. මෙම නව කාර්යාලය සුභ මොහොතින් විවෘත කිරීම හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. එමෙන්ම පොදු ජනතාවගේ අවශ්‍යතා පහසු කිරීම උදෙසා සභාපතිවරයා ඉංගිරිය කාර්යාලයේදී හමුවීමට මහජන දිනයක්ද වෙන්කර තිබුණි.

Read more...

Samyoji Japan Montisoori

Samyoji Montisoori

ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය ‍බෝධිරාජ ‍බෞද්ධ මහා විහාරස්ථානයේ ‍නව ජපන් පෙරපාසලක් පසුගියදා ආරම්භ කළහ. ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ අනුශාසනා මත කොළඹ කොටුව සිංහ සමාජයේ අනුග්‍රහයෙන් මෙම පෙරපාසල අරඹා තිබුණි. පෙරපාසල විවෘත කිරීම සඳහා ඉ‍ෂෝ නගතා හිමියන් පැමිණියහ.

Read more...

Electricity Project Opening

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ඉල්ලීමකට අනුව නම්බපාන වත්තහේන පාර සහ ගම්මාන පාර ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක වියදමින් සකස් කෙරුණු විදුලි යෝජනා ක්‍රමයක් ජනතා අයිතියට පත් කෙරුණි. මෙම උත්සවය නම්බපාන ගම්මාන පාර ඉහල කොටසේදී පැවැත්විණි. මෙම විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති යහ පාලනය සහ යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාද සහභාගී වූහ.

Read more...

Mountain Top Buddha Statue Building Starts

'කඳු මුදුනේ ඉදිවන සමාධි බුදු පිළිමයට මුල් ගල තැබීම සිදුවේ

Read more...

Ingiriya HNB Branch Opens

ඉංගිරිය නගරයේ හැටන් නැෂනල් බැංකු ශාඛාවක් පසුගියදා විවෘත වූහ. අලුතින් ඉදිකළ ගොඩනැගිල්ලක ස්ථාපනය කළ නව බැංකු ශාඛාව විවෘත කිරීම සඳහා හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ, විපක්ෂයේ ගරු මන්ත්‍රී පී.ඩී.අබේරත්න මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී පී.ඩී.අබේරත්න මැතිතුමා පලමු තැන්පතුව බැංකු කළමණාකාරවරිය වෙත භාර දුන්හ. මෙම ශාඛාව හේතුවෙන් ඉංගිරිය ජනතාවට මහත් පහසුවත් අත්වනු ඇත. ඉංගිරිය බස් නැවතුම්පොල පසුකර හොරණ දෙසට යාමේදී මෙම බැංකු ශාඛාව හමුවේ.

 

Read more...