• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat04292017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Events Events News Public

Pre Childhood Development Program

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවනු ලබන මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන සතිය වැඩසටහන යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන පිහිටුවීමේ වැඩසටහන පසුගියදා පැවැත්විණි.

Read more...

Literature Festival 2011

2011 සරත්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍යය උත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් වගවත්ත මංසන්ධියේදී පැවැත්විණි.

Read more...

Meheni Aranya Shramadana

මහ ඉංගිරිය ඉමගිර ජනපදයේ පිහිටා ඇති මෙහෙණි ආරන්‍ය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඉංගිරිය පොලීසිය විසින් සංවිධානය කළහ. ඉංගිරිය පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ශ්‍රමදානය පැවැත්වූහ. එකතු වූ කුණු ඉවත් කිරීම සඳහා හොරණ ප්‍රාදේශීය සභාවද මෙහිදී සහයෝගය දැක්වූහ. මුළු ආරන්‍ය පරිශ්‍රයම සුද්ධ කර, අතුපතු ගා අලංකාර කිරීමට මෙහිදී පොලිස් නිලධාරීන් කටයුතු කළහ. මෙහිදී හමුවූ සර්පයන්ට අභය දානය දීමටස මෙහෙණින් වහන්සේලා අමතක නොකලහ.

Read more...

Dengu Inspection

ඩෙංගු රෝගය පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීම, මදුරුවන් බෝවන සහ බෝ වීමට ඉඩ ඇති ස්ථාන ගැන සොයා බැලීම ආදී කරුණු පිළිබඳව පවත්වන ලද ඩෙංගු මර්දන මෙහෙයුමක් ඉංගිරිය නගරය ආශ්‍රිතව පසුගියදා සිදුකරන ලදී. ඉංගිරිය පොලීසියේ පරිසර ඒකකය, විශේෂ කාර්ය බළකාය සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ සහායෙන් පැවැති මෙම වැඩසටහනේදී එම නිලධාරීන් පා ගමනින් ව්‍යාපාරික ස්ථාන හා නිවාස කර ගමන් කර පෞද්ගලිකව ඔවුන් දැනුම්වත් කිරීම සිදු කරන ලදී.

Read more...

Peoples Bank 50th Anniversary

මහජන බැංකුවේ 50 වන සංවත්සරය සැමරීමට ඉංගිරිය මහජන බැංකුවේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ, උප සභාපති අනිල් අසෝක රණතුංග, පී.ඩී. අබේරත්න, සහෝදර බැංකු වල කළමණාකාරවරු, පාසැල් වල විදුහල්පතිවරු ඇතුළු ගනුදෙනුකාරභවතුන් විශාල පිරිසක් සහභාගීවූහ. ත්‍යාග මුදල් කූපන්පත් ඇමුණූ බැලුන් උඩ යැවීමද මෙහිදී සිදු කෙරුණි.

Read more...

Imagira Medical Clinic

ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මහා විහාරස්ථානයේ (කැන්දලන්ද පන්සල) ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් දායක සභාවේ සහායද ඇතිව වෛද්‍ය සායනයක් පසුගියදා පැවැත්විණි.

 

Read more...

Ingiriya Poson Zone 2011

ඉංගිරිය පොසොන් කලාපය දින 4ක් පුරා සාර්ථකව පවත්වා අවසන් විය. ප්‍රදේශය පුරා දන්සැල්, ආගමික වැඩසටහන්, පහන්කූඩු, විනෝද සැනකෙළි පැවැත්විණි. භක්තිගීත සංදර්ශන සහ නාට්‍ය දර්ශන සඳහා විශාල වශයෙන් ජනතාව සහභාගී විය. සෑම දිනකම නගරය අවට මාර්ගය අතුරු සිදුරු නැතිව පිරී තිබෙණු දක්නට ලැබුණි. පහන්කූඩු තරගය සඳහා විශාල පහන්කූඩු සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි.

Read more...

Provincial Literature Festival

සාහිත්‍ය මාසය නිමිතිකොටගෙන ජාතික සාහිත්‍ය මහෝත්සවයට සමගාමීව ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලක් ඉංගිරිය ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කළහ. මෙහිදී තරග වලින් ජයගත් අයට සහතික සහ ත්‍යාග පිරිනැමීම සහ විශේෂ දේශන මෙන්ම නැටුම් අංගද පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා බොහෝ පිරිසක් සහභාගී වූහ.

 

 

 

Read more...

Nachchimale Shramadana

නාච්චිමලේ නානතොටුපල ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඉංගිරිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කර තිබුණි. ඉංගිරිය ප්‍රදේශයට විශාල සංචාරක පිරිසක් මෙම නාන තොටුපල නිසා ඇදී එති. සුප්‍රසිද්ධ ස්ථානයක් වන නිසාම මෙම ප්‍රදේශයේ විශාල පරිසර දූෂණයක් දක්නට ලැබේ. සංචාරක පිරිස් දමා යන බෝතල්, පොලිතීන් තැන තැන විසිරී තිබෙනු දක්නට ලැබේ. මෙම උවදුරින් මෙම මහඟු සම්පත ගලවා ගැනීම සඳහා මෙම වැඩසටහන දිගින් දිගටම පවත්වන්නට ඉංගිරිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වෙයි.

Read more...

Ayuruweda Jangama Sewaya

හඳපාන්ගොඩ හා කඳනපිටිය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක තුළදී ඉකුත් දා පැවති ජංගම සේවා වැඩසටහන් මගින් සමාජ සත්කාරයන් රැසක් සපුරාලීම සිදුවිය.

ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ උපදෙස් පරිදි සමාජ සේවා නිලධාරී පී.ඒ.මහින්දපාල,සහකාර සමාජ සේවා සංවර්ධන සහකාර නිලධාරිනී නෙළුපානි කළුබෝවිල සහ අශෝක අමරතුංග යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ගේ සහ වැඩිහිටි කමිටුවල සහායෙන් පැවැති මෙම ජංගම සේවා වැඩසටහනට ප්‍රදේශවාසීහූ විශාල පිරිසක් සහභාගී වූහ.

බස්නාහිර පළාත් සමාජ සේවා අංශය මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමද සිදුවූ අතර ආයුරුවේද සායන, හැඳුනුම්පත් ලබාදීම ආදී කටයුතු රැසක්ම එහිදී සිදුවිය. මෙහිදී හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ පැවැති ආයුරුවේද වෛද්‍ය සායනයේදී ප්‍රධාන දිස්ත්‍රික් ආයුරුවේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරිනී රෝහිණී සිල්වා සහ සහකාර පුජා සෞඛ්‍ය නිලධාරිනී වන මාලිනී වැලිවිට, අජිත් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් රෝගීන් පරීක්ෂා කළහ.

Read more...

Bhakthi Geeta Contest

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය‍ වෙනුවෙන් ඉංගිරිය පොලීසියේ පූර්ණ සංවිධායකත්වයෙන් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව ප්‍රදේශයේ දහම් පාසල් අතර භක්තිගීත තරගයක් ඉංගිරිය පොලිස් පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සදහා විශාල පිරිසක් සහභාගී වූහ. ‍ඉංගිරිය පොලිස් පරිශ්‍රය අතුරු සිදුරු නැතිව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබීම මෙහි විශේෂ සිදුවීමකි. මෙහිදී පැමිණි සිටි ප්‍රේක්ෂකයින්‍ට සංග්‍රහ කිරීමද සිදුවුණි.

Read more...

3 Wheeler Drivers Seminar

හදිසි අනතුරකදී සහ රෝගියකු රෝහල කරා ගෙනයාමේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිබඳ ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉංගිරිය ආලෝකා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් එම වෛද්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර,කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ශිරානි දමයන්ති. මහජන සම්බන්ධතා නිලධාරිනී නිලන්ති වනිගසේකර යන මහත්ම මහත්මීන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ඉංගිරිය නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර හොරණ මූලික රෝහලේ වෛද්‍යවරුන් වන මංජුල කරුණාතිලක,ඩබ්ලිව්.එම්.එස්.වීරකෝන් යන මහත්වරු විවිධ වෛද්‍ය ක්‍රමවේද පිළිබඳව පිරිස දැනුවත් කළහ.

ප්‍රථමාධාර දෙන අන්දම,මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේද, පිළිස්සුම් අණතුරකදී ක්‍රියාකළ යුතු ආකාරය, රුධිර වහනය පාලනය කළ යුතු අන්දම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී ත්‍රීරෝද රථ රියදුරෝ දැනුවත් කරනු ලැබූහ.

Read more...

11th Kalana Blood Donation Camp

ඉංගිරිය කළණ මිතුරු සමාජය 11 වන වරට සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී පැවැත්විය. ඉතා සාර්ථකව පැවැති මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා විශාල පිරිසක් සහභාගීවූහ. 180 දෙනෙකු පමණ ලේ දන්දීම සඳහා දායක වූහ. විශාල පිරිසක් ලේ දන්දීම සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් දායකයන් ගනන සීමා කිරීමට පවා සංවිධායක මණ්ඩලයට මෙහිදී සිදුවිය. ලේ ගැනීම සඳහා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ සිටියහ.

 

Read more...

Ceylinco Blood Donation

ලේ දන්දීමේ වැඩසටහනක් ඉංගිරිය සෙලින්කෝ ශාඛාවේදී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්,සංඝයාවහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගීවූහ. ඉංගිරිය සෙලින්කෝ ශාඛාව විසින් මෙය සංවිධානය කර තිබුණි.

Read more...

Sumanajothi New Year Festival

ඉංගිරිය සුමනජෝති විදුහලේ අවුරුදු උත්සවය එම විදුහලේ විදුහල් භූමියේදී පවත්වනු ලැබුණි. විදුහලේ දරුදැරියන් මෙන්ම විශාල දෙමව්පියන් පිරිසක්ද සුම‍‍ජෝති විදුහප් භූමියට රැස්වී මෙම අවුරුදු උත්සවය සාර්ථකව පැවැත්විය. මෙහිදී විශේෂ ආරාධිත අමුත්තන් රැසක්ද සහභාගී වූහ.

Read more...

Urugala Asala Zone

ඉංගිරිය ඌරුගල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල කලාපය මහත් උත්කර්ෂවත් අයුරින් විහාර භූමියේදී පැවැත්විය. 14, 15, 16 යන දිනයන්හී පවත්වනු ලබන මෙම ඇසල කලාපයට පහන්කූඩු රාශියක් ඉදිරිපත් කර තිබේ. බොහෝමයක් සාදා ඇත්තේ ඉවතලන ද්‍රව්‍ය වලින් වීම මෙහිදී විශේෂයෙන් දක්නට ලැබුණි. දන්සැල් සහ නිර්මාණ දැකබලාගැනීමට විශාල පිරිසක් පන්සල් භූමියට පැමිණෙනු දක්නට ලැබුණි.

Read more...

1996 ICC Cricket World Cup

Cricket

ශ්‍රී ලංකාව විසින් දිනාගත් 1996 I.C.C ලෝක කුසලානය රටවටා ප්‍රදර්ශනය කිරීමේ රථ පෙල ඉංගිරිය නගරයටද ලගාවිය.

Read more...