• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Thu11232017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Cultural Cultural News Religious

15th Annual Mihindu Perahera

ඉංගිරිය ඉමගිර ශ්‍රී විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර 15 වර‍ටත් ඉතා උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළහ.

කැන්දලන්ද පන්සල ලෙසට ප්‍රසිද්ධ මෙම විහාරස්ථානය මගින් වාර්ෂිකව මෙම මහා පෙරහැර සංවිධානය කරයි. විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සියලු සංවිධාන කටයුතු සිදු කෙරුණි.

Read more...

Sangamitta Perahera

ඉංගිරිය පෝරුවදණ්ඩ සංඝමිත්තා පෙරහැර ඉතා රමණීය අන්දමින් වීථි සංචාරය කළහ.

පැරණි ඇඳුම් ආයිත්තම්, නර්තනාංග සහ අලංකාර ලෙස සැරසූ රථයකින් සමන්විත වූ මෙම පෙරහැර පෝරුවදණ්ඩ ග්‍රාමය ආශ්‍රිතව වීථි සංචාරය කළහ. අන් පෙරහැරවල් වල දක්නට නොලැබෙන සැරසිලි රැසක් මෙහි අඩංගු වී තිබුණි.

Read more...

Sumanajothi Wesak Perahera

2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඉංගිරිය සුම‍නජෝති විදුහල ඉතා අලංකාර පෙරහැරක් සංවිධානය කර තිබුණි. විදුහලේ සියලුම දරු දැරියන් මෙම පෙරහැර සඳහා සහභාගී වූහ. ඉංගිරිය නගරය පුරා වීදි සංචාරය කළ මෙම පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් මග දෙපස රැස්ව සිටියහ.

Read more...

Dombagaskanda Temple Festival

ඉංගිරිය දොඹගස්කන්ද ශ්‍රී පූර්වාරාම දහම්පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්‍රදානොත්සවය එම විහාරස්ථානයේදී පැවැත්විණි.

Read more...

Festival of Kowils

Kowil

ඉංගිරිය ප්‍රදේශයේ කෝවිල් වල වේල් පෙරහැරවල් පසුගියදා වීදි සංචාරය කළහ.

විශාල හිංදු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සියලුම දේවාල වල වේල් පෙරහැරවල් අදාල ප්‍රදේශවලවීදි සංචාරය කළහ.

Read more...

Ashirwada Pooja

ඉංගිරිය රයිගම් වත්ත උඩවත්ත මහා හිංදු දේවාලයේ ආශිර්වාද පූජාවක් පසුගියදා පැවැත්විණි. කළුතර දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සරය නිමිති කරගෙන පැවැත්වූහ.

 

 

 

 

 

 

Read more...

Offerings to Dalada Maligawa

Dalada Offering

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉංගිරිය රත්මල්ගොඩ වැඩිහිටි සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වෙත අටපිරිකර 100ක් ජූජා කළහ. මෙම පිංකම සඳහා රත්මල්ගොඩ සහ අවට 2011 සාම විනිසුරු පදවි ලාබීහුද, ග්‍රාම සංවර්ධන ග්‍රාම ශක්ති පදනමද එක්වූහ. රයිගම්ථ හේවාගම්, සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායත හොරණ පඤ්ඤාශේඛර නාහිමියෝ සහ මල්වතු විහාරවාසී ආනන්ද මූර්ති හිමියෝ ආගමික කටයුතු ඉටු කරනු ලැබූහ.

Read more...

Kawi Bana Preaching

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය‍ වෙනුවෙන් ඉංගිරිය තුරුණු සහන යෞවන සමාජය විසින් සංවිධානය කෙරුණු භක්ති ගීත ප්‍රසංගයක් සහ කාව්‍යමය යුගාසන ධර්ම දේශනයක් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී පැවැත්විය. මෙම අවස්ථාවට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කර්යාලය සහ ඉංගිරිය ලංකා බැංකුව අනුග්‍රහය සැපයීය. භක්ති ගීත ප්‍රසංගයෙන් අණතුරුව ඉංගිරිය දීපාලෝක විහාරවාසී ගොඩකවෙල රතනසිරි පොඩි හාමුදුරුවන් වහන්සේ සහ අම්පාරේ චන්ද්‍රරතන පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් කාව්‍යමය යුගාසක ධර්ම දේශනය පවත්වණු ලැබුණි. මෙම අවස්ථාව සදහා ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල මහතා ඇතුළු ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් සහභාගී වූහ.

Read more...

Siyaknama Daana Program

සියක් නමක් විශයෙහි පැවැත්වූ සාංඝික දානමය පිංකම ඉංගිරිය නගරයම ඒකාලෝක කරයි.

Read more...

Wesak in Ingiriya

ඉංගිරිය නගරය වෙසක් මංග්‍යය වෙනුවෙන් ඉතා අලංකාරව සරසා තිබුණි. දන්සැල්, වෙසක් කූඩු මග දෙපස දක්නට ලැබුණි. ඉංගිරිය නගරයේ පහන්කූඩු, තොරණ ඇතුලු බොහෝ විශේෂාංග දක්නට ලැබෙන්නේ පොසොන් පොසොන් පොහොය දිනවල බව සැවොම දන්නා කරුණකි. එහෙත් මෙවර 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැලකියයුතු මට්ටමේ සැරසිලි, විශේෂාංග රැසක් ඉංගිරිය නගරය අවට දක්නට ලැබුණි.

Read more...