• Home
    • Advertisement
      Ingiriya Places
  • Provincial
  • Events
  • Cultural
    • ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල ලේදන්දීමේ පිංකම

      ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

  • Entertainment
    • දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්ටාර්

      දෙරණ ලිට්ල් ස්‍ටාර් තරගයෙන් ජය ලැබූ අංජලී මෙත්සරා දැරිය සඳහා උපහාර ‍උළෙලක් ඉංගිරිය නගරයේදී පැවැත්විණි.

  • Incidents
    • කන්ටේනර් අනතුර

      කන්ටේනර් අනතුර

      භාන්ඩ ප්‍රවාහනය කර ආපසු පැමිණෙමින් තිබූ කන්ටේනර් රථයක් වගවත්ත පාලම අසලදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අණතුරට පත්විය.

Sat04292017

Last updateSat, 17 Aug 2013 3pm

Back You are here: Home Cultural Cultural News Social

Free Books by Yamith Hathurusinghe

Sample image

හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා විසින් සංවිධානය කළ පොත් බෙදාදීමේ වැඩසටහනක් ඉංගිරිය ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්විණි.

පාසැල් දරු දැරියන්ට නොමිලේ පොත් බෙදාදීමේ වැඩසටහන සඳහා විශාල දරු දැරියන් පිරිසක් සහභාගී වූහ. ඒ ඒ ප්‍රදේශවල ප්‍රජා මණ්ඩල විසින් ලයිස්තුගත කරනු ලැබූ දරුවන් වෙත මෙසේ පොත් බෙදාදීම සිදු කෙරිණි.

Read more...

Free Books By Asoka Ranathunga

ඉංගිරිය ප්‍රදේශයේ පාසැල් දරුවන්හ‍ට නොමිලේ පොත් බෙදාදීමේ උත්සවයක් පසුගියදා ‍‍අසෝක රණතුංග පදනම මගින් සංවිධානය කර තිබුණි.

Read more...

Women Society

තම ප්‍රදේශයේ පදිංචිකරුව‍න්ිගේ අභිවෘද්ධිය සඳහා කාන්තාවන් විසින් පිහිටුවාගත් කාන්තාවන්ම නිලතල දරන අන්‍යෙන්‍යාධාර සමිතියක් පසුගියදා පිහිටුවාගනු ලැබුණි. මෙම සමිතිය ඉංගිරිය ඉමගිර එකමුතු අවමංගල්‍යාධාර සමිතියයි. සාමාජික පවුල්වල අවමංගල්‍ය කටයුතු අවස්ථාවලදී පිහිටවීමේ පරමාර්ථයෙන් ඇරඹි මෙම සමිතියේ දෙවන සංවත්සරය ඉකුත්දා පැවැත්විණි.

Read more...

Ingiriya Temple Shramadana

ඉංගිරිය දීපාලෝක විහාර පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් ඉංගිරිය පොලීසිය විසින් පසුගියදා ක්‍රියාත්මක කළහ. මාස්පතා සිදුකරන මෙම ශ්‍රමදාන වැඩසටහන මෙවර ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන පන්සල වන දීපාලෝක විහාරස්ථානයේ සිදු කිරීමට ඔවුන් කටයුතු යොදා තිබිණ.

Read more...

Releasing Cattle

ඉංගිරිය ශ්‍රී සද්ධර්ම බෞද්ධ බල මණ්ඩලය මගින් 5 වන වරටත් සංවිධානය කළ මරණයට කැපවූ ගවයින් මුදා නිදහස් කිරීමේ මහා පුණ්‍ය කර්මය ඉංගිරිය පුස්තකාලය අසල බෞද්ධ සංගමය සතු භූමියේදී සිදුකෙරිණ. මෙහිදී ගවයින් 7 දෙනෙකුට අභය දානය දී නව අයිතිකරුවන් වෙත පවරනු ලැබුණි. එමෙන්ම මෙම අවස්ථාවට සමගාමීව එම භූමියේ නව බුදු මැදුරක් ඉදි කිරීමටද අවශ්‍ය කටයුතු ආරම්භ කෙරිණි.

 

Read more...

Urugala Blood Donation Camp

ඉංගිරිය ඌරුගල සඳකඩපහන මිතුරු සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකමක් ඌරුගල පිංගොඩැල්ල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. මෙම පිංකම සඳහා ප්‍රදේශවාසීහූ විශාල පිරිසක් සහභාගී වූහ.

 

Read more...

Ingiriya Police Station Modified

Police

ඉංගිරිය පොලිස් ස්ථානය නවීකරණය කිරීමට ඉංගිරියේ පොලිස් ස්ථානාධිපතිතුමා පියවර ගනියි. වසර ගණනාවත් පැරණි පොලිස් පරිශ්‍රය අලංකාරකර වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.

පොලිස් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කර, පැල සිටුවා, නව මුර කුටියක් මෙන්ම ඇතුල්වීමේ දොරටුව අසල වැඩිදියුණු කිරීම මෙහිදී කැපී පෙණෙන අංග විය. මේ අතර පොලිස් ගොඩනැගිල්ල ඉදිරිපිට බුදු මැදුරක්ද ඉදිකෙරෙමින් පවතියි. පැරණි ඡායාරූප හා සසදා බලනකල පැහැදිලි වෙනසක් ඉංගිරිය පොලිස් ස්ථානයේ දකින්නට ලැබේ.

Read more...

Nimalagama House Donation

620 ඩී නිමලගම නව ගම්මානයේ ලෑලි වලින් තනන ලද අබලන් නිවසක වෙසෙන පවුලක් වෙනුවෙන් සමෘද්ධි අධිකාරී “දිරිය පියස” වැඩ සටහනේ නව නිවසක් තනා දීමට මුල්ගල් තැබීමේ උත්සවයක් එම පැරණි නිවස තනා ඇති භූමියේදී කළුතර දිස්ත්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read more...

Releasing Cattle Dana

මරණයට කැපවූ ගවයින් 6 දෙනෙකු වෙසක් මංගල්‍යය වෙනුවෙන් ඉංගිරියේදී නිදහස් කෙරේ.

Read more...

Welfare Program

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධන කමිටුව විසින් සංවිධාන කළ සුභසාධන වැඩසටහනක් ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. කළුතර දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා, ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Read more...

10th Kalana Blood Donation Camp

'ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ පැවැති ලේ දන්දීමේ කඳවුරට විශාල සහභාගීත්වයක් ඇතිව සාර්ථකව නිමවිය.

Read more...

Meerigama Elders Home Visit

ලෝක වැඩිහිටි දිනය සැමරීමේ විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බල මණ්ඩලය සහ ග්‍රාමීය වැඩිහිටි කමිටු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මීරිගම තවලම්පිටිය සෙත් සෙවන රජයේ වැඩිහිටි නිවාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

Read more...

Police Stations Daana Program

සම්බුදු තෙමගුල වෙනුවෙන් වෙසක් පොහෝදා පැවැත්වුණු ඉංගිරිය පොලීසියේ දානමය පිංකමට විශාල සහභාගීත්වයක්

Read more...